ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට ඊශ්‍රායල සංචාරයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ හෙට ඊශ්‍රායලයේ දෙදින සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් සඳහන් කලේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා තිරණාත්මක අවසානයක් වෙත පැමිණෙනු ඇති බවයි.
මේ අතර ඉන්දියාව සහ ඊශ්‍රායලය ආරක්ෂක ගිවිසුම් යාවත්කාලීන කිරීමෙන් ඔවුන්ගේ ආරක්ෂක හවුල්කාරිත්වය පුලුල් කෙරෙනු ඇති බව ද සඳහන්.
මෙය වසර නවයකට පසු අගමැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයේ සිදුකරන දෙවැනි සංචාරයයි.
2017 ජූලි 4-6 දිනවල අගමැති මෝදිගේ සංචාරය අතරතුර ඉන්දීය-ඊශ්‍රායල් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා උසස් කරනු ලැබුවා.

Share