ඉන්දියාව ලද දැවැන්ත පරාජය

සීමිත පන්දුවාර ලෝක කුසලාන තරගාවලියක දී 2023 වසරෙන් පසු පළමුවරට ඉන්දියාව පරාජයේ වේදනාව විඳ ගත්තා.
ඉන්දියාවේ තරග 18ක ජයග්‍රාහී රිද්මය බිඳ දැමුවේ දකුණු අප්‍රිකානු දඟ පන්දු බලඇණියයි.
ඒ අනුව T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ සම සත්කාකරක ඉන්දියාවට එරෙහිව ලකුණු 76න දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව ඊයේ අහමදාබද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී සමත් වුණා.
තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.

අහ්මදාභාත් හී නරේද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණය බොහෝ දෙනා විස්මයට පත්කළා.
එය හුදු විස්මයක් නොවූයේ දකුණු අප්‍රිකානු පළමු කඩුලු තුන ලකුණු 20ක් තුළ බිඳ වැටීම හේතුවෙන්.
නමුත් ඩේවිඩ් මිලගේ වේගවත් ඉනිම දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 187ක් දක්වා රැගෙන ගියා.
ඒ වන විට බිඳ වැටී තිබුණේ කඩුලු 7ක් පමණයි.
සිව් වැනි කඩුල්ලට ඩිවෝල්ඩ් බ්‍රෙවිස් සමඟ එක්වූ මිලර් ලකුණු 93ක සබඳතාවක් ගොඩ නැගුවා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මිලර් පන්දු 35ක දී ලකුණු 63ක් රැස් කළේ හයේ පහර තුනක් ද සමගින්.
ඉන් අනතුරුව පිටියට එක්වූ ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 24කදී නොදැවී ලකුණු 44ක් රැස් කළා.
පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්‍රා කඩුළු 3ක් දවා ගත්තා.
ලකුණු 188ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය ඉණිම සුණු විසුණු කර දමන්නට දකුණු අප්‍රිකාණු පන්දුයවන්නන් සමත් වුණේ 132,000කට වැඩි ප්‍රේක්ශකාගාරය නිහඬ කරමින්.
ශිවම් ඩුබේ ලකුණු 42ක් රැස්කර ගත්තද ඉන්දියාව ජයග්‍රහය කරා රැගෙන යන්නට එය ප්‍රමාණවත් වූයේ නැහැ.
ඔහු හැරුණු විට වෙනත් කිසිදු ඉන්දීය පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ඒ අනුව පන්දුවාර 18යි පන්දු 5ක් තුළදී සියලු දෙනා දැවී ගිය ඉන්දීය ඉනිම ලකුණු 111කට සීමා වුණා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මාර්කෝ ජැන්සන් කඩුළු 4ක් සහ කේෂව් මහාරාජ් කඩුළු 3ක් දවා ගත්තා.
2023 ලෝක කුසලාන අවසන් තරගය පරාජය වීමෙන් පසු අයිසීසී සීමිත පන්දුවාර තරගාවලියක ඉන්දියාව තරගයක් පරාජය වුණේ ජයග්‍රහණ 18ක රිද්මය අවසන් කරගනිමින්.
ඉන්දියාව T20 තරගයක් පරාජය වුණේ තරග 12කට පසුවයි.

Share