ඉන්දියාව දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියේ පළමු තරඟයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 101ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
මේ තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 74 කට දැවී ගිය අතර එය ඔවුන්ගේ පන්දුවාර විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි.
ඉන්දියාවේ කටක්හිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා වන විට කඩුලු හයකට ලකුණු 175ක් රැස්කර ගත්තා ලකුණු 78 කට කඩුලු හතරක් බිඳ වැටී සිටියදී ආබාධයකින් පසු නැවත කණ්ඩායමට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්යා විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින්,
ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 175ක් දක්වා ඉහල දැමුවා.
ඉන්දීය ඉනිමේ නැංගුරුම බවට පත් වූ හෘදික් පාන්ඩ්යා පන්දු 28ක දී ලකුණු 59ක් රැස්කර ගත්තේ හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් වාර්තා කර ගනිමින්. අනෙක් කිසිදු ඉන්දීය පිතිකරුවකුට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.
පන්දු යැයි මේ දී ලුන්ගී ඉන්ගිඩි කඩුලු තුනක් දවා ගත් අතර ලූතෝ ස්පම්ලා කඩුලු දෙකක් දවා ගත්තා
ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ඉන්දීය පන්දු ප්‍රහාරය හමුවේ ස්ථාවර වීමට හකි වුනේ නැහැ.
අඛන්ඩව එල්ල වුණු ඉන්දීය පන්දු බල ඇනියේ පීඩනය හමුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 74 කට දැවී ගියා.
ඔවුන්ගේ ඉහළම ලකුණු ලාභියා වූයේ ලකුණු 22ක් ලබා ගත් ඩෙවෝල්ඩ් බ්‍රෙවිස්.
මේ තරගයේ දී ජස්ප්‍රිට් බුම්රා T20 කඩුලු 100 සීමාව පසු කළ අතර, අර්ෂ්දීප් සිං, බුම්රා, වරුන් චක්‍රවර්ති සහ අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් දවා ගත්තා.





