ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි

වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව, ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය දැනටමත් ඩොලර් ට්‍රිලියන 4.18 ක් දක්වා ළඟා වී ඇති අතර, 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ළඟා වනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඒ් අනුව ඉදිරි වසර තුන තුළ, ඉන්දියාව ජර්මනිය අභිබවා ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති.
නවතම දත්ත ඉන්දීය රජයේ ආර්ථික සමාලෝචනයක් බවත් ලොව සෙසු රටවල ආර්ථික දත්ත සමග සංසන්දනය කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය අයතන ඉදිරියේදී මෙම තත්ත්වය නිල වශයෙන් නිවේදනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

Share