මැදපෙරදිග සබඳතා පුළුල් කිරීමට සහ එක්සත් ජනපදයේ දැඩි තීරුබදු පරාජය කිරීම සඳහා වෙළඳාම විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන ඉන්දියාව ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ඕමානය සමඟ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කළා.
නව ගිවිසුම යටතේ මැණික් හා ස්වර්ණාභරණ, රෙදිපිළි, ඖෂධ සහ මෝටර් රථ ඇතුළු සියලුම ඉන්දියානු අපනයන ආවරණය වන පරිදි ඕමානය 98% කට වඩා ශුන්‍ය තීරුබදු ප්‍රවේශයක් ලබා දී ඇති බව ඉන්දීය වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඉන්දියාව, 78% ක් පමණ තීරුබදු අඩු කරනු ඇති අතර, ඕමානයෙන් ආනයනය කරන ලද භාණ්ඩ 95% කට ආසන්න ප්‍රමාණයක් වටිනාකම අනුව ආවරණය කරයි.
ඉන්දියාව සහ ඕමානය අතර වාර්ෂික වෙළෙඳාම ඩොලර් බිලියන 10 කට අධිකයි.
මෙම වසරේ එක්සත් රාජධානිය සමඟ ඉන්දියාව ඇති කර ගත් ගිවිසුමෙන් පසු දෙවන ගිවිසුම මෙයයි.
2006 දී එක්සත් ජනපදය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් පසු ඕමානයේ පළමු ද්විපාර්ශ්වික ගිවිසුම මෙය වීමත් විශේෂත්වයක්.





