සාගර් බන්දු මෙහෙයුම යටතේ ඉන්දියාව ප්‍රදනය කළ මානුෂීය ආධාර රැගත් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් ඊයේ පස්වරුවේ කොළඹ වරාය වෙත පැමිණියා.
මෙලෙස රැගෙන ආ ටොන් 50ක වියළි ආහාර ද්‍රව්‍ය තොගය නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වෙත භාර දෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා විසින්.
මේ අතර විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ කමිටුව, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී රැස්වුණා.
ලැබෙන ආධාර තොග භාර ගැනීම සහ තහවුරු කිරීම, ගබඩා කිරීම, අවශ්‍ය පරිදි වෙන් කිරීම, පිටත් කර හැරීම සහ අවසානයේ බලපෑමට ලක් වූ ජනතාව වෙත බෙදාහැරීම ඇතුළු සමස්ථ සහන සැපයුම් ක්‍රියාවලිය මෙම කමිටුව මගින් අධීක්‍ෂණය කරනු ලබනවා.
මෙම සාකච්ඡාවේදී, සහන මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය, ආපදා සහන ද්‍රව්‍ය බෙදාදීමේදී මුහුණ දුන් අභියෝග සහ මානුෂීය ආධාර ලැබීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට අදාළ ගැටළු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කරනු ලැබුවා.
ඔරුගොඩවත්ත ආපදා සහන ද්‍රව්‍ය ගබඩාවේ සිදුවෙමින් පවතින මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු වූ අතර, කාර්යක්‍ෂමතාව, වගවීම සහ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධාරණය යොමු වුණා.





