ඉන්දියාවේ අගනුවර දිල්ලියේ වායු දූෂණය ගුණාත්මක දර්ශකයේ ඒකක 400 ද ඉක්මවා ඉතා අහිතකර තත්ත්වයකට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් රජයේ හා පෞද්ගලික කාර්යාලවල සියයට 50ක කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳව ලෙස උපදෙස් ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
ඉදිරි දින දෙක තුළ දිල්ලි අගනුවර උෂ්ණත්වය ද පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
පවතින තත්ත්වය තුළ දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට ඉඩ නොදීම ඇතුළු පාසල් සඳහා යම් යම් සීමාවන් ද දිල්ලි රජය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.





