ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දියාවේ මේඝ්හලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේඝාලය ප්‍රධාන අමාත්‍ය කොන්රාඩ් සංග්මා පැවසුවේ, මෙම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මියගිය පුද්ගලයෙකුට ඉන්දිය රුපියල් ලක්ෂ 2ක සහ තුවාල ලැබූවෙකුට ඉන්දීය රුපියල් 50,000ක මූල්‍යාධාරයක් පිරි නැමීමටද තීරණය කර තිබෙනවා.

Share