ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ගුවන් ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් 07දෙනෙකු මියයයි

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේ දී ගුවන් ගිලන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම යානය ඊයේ පස්වරු 7:11ට රාංචි ගුවන්තොටුපළෙන් නව දිල්ලිය බලා ගමන් ආරම්භ කර ඇති අතර, පස්වරු 7:30ට පමණ එය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වී තිබෙනවා.
පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ යානය, ඝන වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි.

Share