බංග්ලාදේශයට විදුලිය සැපයීමේදී ඉන්දියාවේ අදානි සමාගමට අයත් අදානි පවර් ගල් අඟුරු බලාගාරය, අසාධාරණ අධික මිලක් අයකර ඇති බව බංග්ලාදේශයේ රජය විසින් පත් කරන ලද සමාලෝචන කමිටුවක් අනාවරණය කරගෙන තිබෙනවා.
ජනවාරි 20 දින නිකුත් කරන ලද ජාතික සමාලෝචන කමිටු වාර්තාවෙන් හෙළිකර ඇත්තේ ඉන්දියාවේ ජාර්කන්ඩ් හි ගොඩ්ඩා බලාගාරය, ළඟම ඇති පුද්ගලික අංශයේ තරඟකරුට වඩා 39.7% ක මුදලක් බංග්ලාදේශයෙන් අයකර ගෙන ඇති බවයි.
අදානි බලාගාරය, ගල් අඟුරු පිරිවැය අධික ලෙස මිල කර ඇති බවත්, ඉන්දියානු ආයතනික බදු බංග්ලාදේශයෙන් අයකරගෙන ඇති බවත් පෙන්වා දෙන අදාළ වාර්තාව එය සම්මත ජාත්‍යන්තර භාවිතයෙන් බැහැර ක්‍රමවේදයක් බවයි පෙන්වා දෙන්නේ කරනවා.





