වාහන අලෙවියේ වසර 50 කට වැඩි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයතම මෝටර් රථ අලෙවි සමාගමක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම, ලංකා බැංකුව හා එක්ව, පාරිභෝගික පහසුව මූලික කරගනිමින් නිර්මාණය කරන ලද “අත්වැල” නමින් වූ විශේෂ වැඩසටහනක් පසුගියදා කොළඹදී හඳුන්වා දෙනු ලැබුවා
පාරිභෝගිකයින් මුහුණ දෙන මූල්‍ය අභියෝග සහ මෝටර් වාහන මිලදී ගැනීම හා සේවා ගැටලු සරල කරමින්, ඔවුන්ට අවශ්‍ය සහය ලබාදීම අරමුණු කරගත් මෙම “අත්වැල” මානුෂීය සංකල්පය, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම දශක ගණනාවක් පුරා පාරිභෝගිකයන් සමඟ ගොඩනඟා ගත් විශ්වාසනීය සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන වැඩසටහනක් බවයි එහි ඉහළ කළමනාකාරිත්වය සදහන් කළේ .





