ඉදිරියේ දී පිරිපහදු කරන ලද ප්‍රෙටල් සහ ඩීසල් රුසියාවෙන් මෙරටට

පිරිපහදු කළ ඉන්ධන ලබාදීම සඳහා රුසියාව එකඟතාව පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා.
මේ වන විට දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේ දී පිරිපහදු කරන ලද ප්‍රෙටල් සහ ඩීසල් රුසියාවෙන් මෙරටට ආනයනය කිරීමට නියමිත බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ.

Share