ඉදිකිරීම් කටයුතු සඳහා ගංඟා වැලි මෙන්ම විකල්ප වැලි ද භාවිතා කිරීමට කැබිනට් අනුමැතිය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ගංඟා වැලි මෙන්ම විකල්ප වැලි වර්ගද භාවිත කළ හැකිවන පරිදි පවත්නා නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මේවන විට උද්ගතව ඇති වැලි හිඟයට විසඳුමක් ලෙස විද්‍යාත්මක වශයෙන් ප්‍රමිතිය තහවුරු කළ වෙනත් වැලි වර්ග භාවිත කළ හැකි බවයි නිවාස., ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශය පවසන්නේ.

Share