දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතිහාසයේ වැඩිම බදු ආදායම මේ වසරේ දී රැස් කර ගැනීමට හැකි වී ඇත්තේ බදු පදනම පුලුල් කිරීම නිසා බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
නොවැම්බර් 17 වැනිදා වන විට ට්‍රිලියන දෙකකට වැඩි ආදායමක් රැස් කිරීමට දෙපාර්තමේන්තුවට හැකි වුණා.
මේ අතර කැසිනෝ සහ සූදු බදු අයකිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා අවශ්‍ය නීති සකස් කරමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. වැට් සහ ආදායම් බදුවලට අමතරව වාහන ආනයනයෙන් රජය ලද දැවැන්ත බදු ආදායම හේතුවෙන් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම ප්‍රාථමික අතිරික්තයට ළඟ වීමට මේ වසරේ දැනටමත් හැකි වී තිබෙනවා.
2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රජයේ ආදායම් සංයුතියෙන් 33%ක ප්‍රමාණයක් හිමිව ඇත්තේ එකතු කළ අගය මත බදු ආදායමෙන්.
ආදයම් බදු ප්‍රමාණය 21%ක් වන අතර 18%ක නිශ්පාදන බදු මගින් ලැබී තිබෙනවා.
මෙම කාලය තුළ රජයේ බදු නොවන ආදායම ආදායම් සංයුතියෙන් 7%ක් පමණයි.
එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩි ම ආදායම නොවැම්බර් 17 වැනි දා වන විට රැස් කර ඇතැයි පසුගිය දා අනාවරණ කෙරුණා.
රුපියල් මිලියන 2,002,241 ක් වූ එය 2024 වර්ෂයේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 60කට අධිකයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ බදු ආදායම් ප්‍රතිශත ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
ඒ අනුව 2024 වසරට සාපේක්ෂව VAT අයකිරිම් 21%කින් ඉහළ ගොස් ඇති අතර , සමාජ ආරක්ෂණ බදු අයකිරිම් 19% කින් වර්ධනය වී තිබෙනවා. ඊට අමතරව සමාගම් බදු 14% කින් , පුද්ගලික ආදායම් බදු 9% කින් සහ රඳවා ගැනීමේ බදු ආදායම 6%කින් වර්ධනය වි තිබෙනවා.
මේ අතර 2024-2025 තක්සේරු වර්ශයට අදාළ අදායම් බදු වාර්තා නොවැම්බර් මස 30 වැනිදාට පෙර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතුයි. මේ අතර කැසිනෝ සහ සූදු බදු අය කිරීම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා.





