මෙවර T 20 ලෝක කුසලානයේ කෝඩුකාර ඉතාලිය සහභාගි වූ පළමු තරගය ස්කොට්ලන්තය සමග අද පැවැත්වුණේ කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හිදී.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 207ක් රැස් කළා.
එය පූර්ණ සාමාජික නොවන කණ්ඩායමක් T20 ලෝක කුසලානය තරගයක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ජයග්‍රහණය හඹා ගිය ඉතාලියට රැස් කර ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.
ඒ අනුව ලකුණු 73ක ජයක් ලැබූ ස්කොට්ලන්තය තරගාවලියේ පළමු ප්‍රසාද ලකුණු දෙක ලබා ගත්තා.





