ඉතාලියේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය කරමින් තිබූ ටොන් 12ක් බරැති කිට්කැට් චොකලට් තොගයක් අතුරුදන්

පාස්කු උත්සව සමය ඉලක්ක කරගනිමින් ඉතාලියේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය කරමින් තිබූ ටොන් 12ක් බරැති කිට්කැට් චොකලට් තොගයක් අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා.
නෙස්ලේ (Nestlé) සමාගමට අයත් මෙම තොගය තුළ චොකලට් බාර් 400,000කට අධික ප්‍රමාණයක් තිබූ බව සඳහන්.
මෙම සොරකම හේතුවෙන් ඉදිරි පාස්කු සමයේදී ඇතැම් වෙළෙඳපොළවල කිට්කැට් චොකලට් හිඟයක් ඇතිවිය හැකි බවට නෙස්ලේ සමාගම අනතුරු අඟවනවා.
අතුරුදන් වූ ට්‍රක් රථය සහ චොකලට් තොගය සොයා බලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙය සැලසුම්සහගත මංකොල්ලයක් බව සමාගමේ සැකයයි.

Share