ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 8ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පසු කාබුල් අගනුවර නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස්, එක් දරුවෙකු තුවාල ලබා ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඊයේ ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ හටගත් බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මෙම භූමිකම්පාව කිලෝමීටර් 177ක් ගැඹුරින් සිදුව ඇති බව සඳහන්.
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර, ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ද මෙහි ප්‍රබල කම්පන දැනී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
පසුගිය නොවැම්බර් මාසයේදී එරට සිදුවූ රික්ටර් මාපක 6.3ක ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් නිවාස සිය ගණනක් විනාශ වුණා.

Share