පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන යුද ගිනි

පකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයට ඊයේ එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් සටන්කාමීන් 70 දෙනෙකු මිය ගිය බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය සඳහන් කළේ, සටන්කාමීන් මිය ගිය බවට කරන ප්‍රකාශ අසත්‍ය බවත්, ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූ බවයි.
පකිස්ථාන ප්‍රහාරවලට “සුදුසු ප්‍රතිචාරයක්” ලබා දෙන බව තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

Share