ඇලහැර අමුණ, මාසයක කාලයක් තුළ ප්‍රතිසංස්කරණ අවසන් කර මංගල දියවර නිකුත් කෙරේ

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවු මහා ගංවතුරෙන් දැඩි හානි වු පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණ මාසයක කාලයක් තුළ ප්‍රතිසංස්කරණ අවසන් කර මංගල දියවර නිකුත් කිරිම අද සිදු කෙරුණා.
ඒ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්
අමුණ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 41 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණ ද යුධ හමුදාව ඇතුළු බොහෝ පිරිසකගේ ශ්‍රම දායකත්වය මත රුපියල් මිලියන 25 ක් පමණක් වැය කරමින් එම කටයුතු අවසන් කිරිමට හැකිව තිබෙනවා

Share