ඇමෙරිකාව සමග ජිනීවා නුවර පැවති සාකච්ඡාවලින් පසු දෙරට අවබෝධාත්මක එකඟතාවකට පැමිණ ඇති බව ඉරානය පවසයි

ඇමෙරිකාව සමග ජිනීවා නුවර පැවති සාකච්ඡාවලින් පසු දෙරට අවබෝධාත්මක එකඟතාවකට පැමිණ ඇති බව ඉරානය පසවනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නව සාකච්ඡා වටය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, මෙම මස මුලදී පැවති සාකච්ඡා වටයට වඩා ජිනීවා සාකච්ඡා ඵලදායී බවයි කෙසේ වෙතත්, ජිනීවා සාකච්ඡා වටය පිළිබඳ අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසන්නේ ඉරානය තවමත් අමෙරිකාවේ “රතු රේඛා” පිළිගෙන නොමැති බවයි.
ෆොක්ස් නිවුස් සමග සාකච්ඡාවකට එක්වූ අමෙරිකානු උප ජනාධිපතිවරයා පැවති සාකච්ඡා ඵලදායී සාකච්ඡා ලෙස වර්ගීකරණය කළ අතර, ඔවුන් නැවත හමුවීමට එකඟ වූ නමුත් ඉරානය ට්‍රම්ප්ගේ කොන්දේසිවලට අනුකූල වීමට කැමති නැති බව ද සඳහන් කර තිබුණා.
අමෙරිකාව ඒ පිළිබඳව දිගටම කටයුතු කරන අතර ට්‍රම්ප්ට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්හි ස්වාභාවික අවසානය තීරණය කිරීමට අභිමතය ඇති බවට ද වෑන්ස් අනතුරු අගවා තිබුණා.

Share