ඇමෙරිකානු අත්අඩංගුවට ගත් මදුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් වෙත රැගෙන ඒයි

අමෙරිකානු හමුදා අත්අඩංගුවට පත් වෙනසියුලානු ජනාධිපතිලස් නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස් මේ වන විට බෘක්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානය ක රඳවා ඇති බව බව වාර්තාවනවා.
මේ අතර වැඩ බලන ජනාධිපති ලෙස පත්කළ. වෙනිසියුලානු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රුසියාවට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ අලුයම් කාලයේ වෙනිසියුලාවේ අගනුවර වන කරාකස් සහ තෝරාගත් ප්‍රධාන හමුදා මූලස්ථාන කිහිපයකට ප්‍රහාර එළ කළ ඇමරිකානු හමුදාවන් විසින් එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තා.
ඒ ඇමරිකානු ඩෙල්ටා හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සවස විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වා තිබුණා .
එහිදී ඔහු කියා සිටියේ අධි චෝදනා ලබා සිටින වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මේ වනවිට බෲක්ලන්ඩ් හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවාගෙන ඇති බවයි.
අමෙරිකාව සහ වෙනිසියුලාව අතර දශක ගණනාවක් පුරා ඇදී යන දේශපාලනික ආර්ථික සහ රාජතාන්තික අර්බුදයේ පුපුරා යාමක් ලෙසයි මේ තත්ත්වය ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් දකින්නේ.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම් කියා සිටියේ තමන්ගේ මග පෙන්වීම අනුවුව මෙම ප්‍රහාරය දියත් කළ බවයි,
වෙනිසියුලානු අගනුවරට රාත්‍රියේ සිට උදෑසන දක්වා ගුවනින් ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවත් ඔහු කියා සිටියා.
මේ අතර වෙනිසියුලාව තුළ සුරක්ෂිත සහ සාමකාමී බල හුවමාරුවක් සිදු කරන තෙක් එම රටේ පාලනය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන බවත් ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසා සිටියා.

ඇමරිකානු ෆොක්ස් ප්‍රවෘත්ති සේවාව සමග දුරකථන සංවාදයකට එක් වූ ට්‍රම්ප් කියා සිටියේ වෙනසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ආකාරය තමා කාමරයක සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹූ බවයි.

මේ අතර වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා අත්අඩංගුවට ගැනීමත් සඳහා වන ඔත්තුව ලබාදුන්නේ වෙනිසියුලානු රජයේ සිටින CIA ඔත්තු කරුවන් බව නිව්‍ යොර්ක් ටයිම්ස් වාර්තා කර තිබෙනවා. ඔවුන් පවසන්නේ එය මාස ගණනාවක් පුරා සී අයි ඒ සංවිධානය සහ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ සූක්‍ෂම සැලසුමක ප්‍රතිඵලයක් බවයි.
ඒ අනුව සී අයි ඒ සංවිධානය ඔත්තු බැලීමේ ඩ්‍රෝණ යානා මගින් වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ දින චර්යාව ගැන නිරීක්‍ෂණය කර තිබෙනවා.
ඒ පසුගිය අගෝස්තු මාසයේ සිටයි.
එයට ද වෙනිසියුලා රජයේ ඔත්තු කරුවන්ගේ සහාය ලැබී තිබෙනවා
සීඅයිඒ ඔත්තුකරුවන් ගේ තොරතුරු මත ඇමෙරිකානු හමුදාවේ විශේෂ ප්‍රභූ හමුදා මෙහෙයුම් බලකාය ලෙස සැලකෙන ඩෙල්ටා ෆෝස් බලකාය විසින් අදාළ වැටලීම සිදුකළ බවත් වාර්තාවනවා.
මේ අතර ඇමරිකානු අත්අඩංගුවට පත් වූ වෙනසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ පළමු ඡායාරූපය ඇමරිකානු ජනාධිපතිවරය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ එස් එස් අයිවි ජිමා නමැති ප්‍රහාරක නෞකාව මත මදුරෝ රඳවා සිටින අයුරුයි මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ. ජනාධිපති ටම් විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ නිකොලොස් මදුරෝ අලු පැහැති ක්‍රීඩා ඇඳුමකින් සැරසී සිටින අතර. ඔහුගේ දෑස් කළු පැහැති ආරක්ෂිත ආවරණයකින් වසා ඇති අයුරු දැක ගත හැකියි එමෙන්ම ඔහු ශබ්ද පාලනය කරන හෙඩ්ෆෝන් එකක් පැළඳ සිටින අතර ඔහුගේ අතේ වතුර බෝතලයක් බෝතලයක් ද රඳවාගෙන සිටින ආකාරයක් මේ ඡායාරූපයේ දැක්වෙනවා.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මදුරෝ අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලාවේ ආර්ථිකය යළි ගොඩනැගීමේ සැලසුම් පිළිබඳව ද අදහස් දක්වා තිබෙනවා
එහිදී ඔහු සඳහන් කළේ රටේ අකර්මණ්‍ය වී ඇති තෙල් පිරිපහදු සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ඇමෙරිකාව සූදානම් බවයි.
ඒ සඳහා විශාල ධනයක් වැය කරන අතරම එයට වෙනිසියුලාව තුළ යම් විරෝධයක් හෝ බාධාවක් මතුවුවොත් මීට වඩා ප්‍රබල වූ දෙවන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටත්. ඇමෙරිකාව පසුබට නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ නිකලස් මදුරෝ නීති විරෝධී ඒකාධිපතියෙකු බවත් ඔහු මාරාන්තික නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්සත් ජනපදයට ගෙන ඒමේ ගෙන එම සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවත්ය ඒ අනුව මදුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් ඇමරිකානු යුක්තියට මුහුණ දීමට නියමිත බවද ජනාධිපති ඩ්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර ඇමරිකාව විසින් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරේස් දැඩි කනස්සල්ල පර පළ කර තිබෙනවාා
ඔහු පවසා ඇත්තේ එය භයානක පූර්වාදර්ශයක් බවයි
සියලූ රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය ඇතුළුව ජාත්‍යන්තර නීතියට ගරු කළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබෙනවා
මානව හිමිකම් සහ නීතිය ආධිපත්‍ය යටතේ සියලු පාර්ශව සාකච්ඡා මාර්ගයෙන් අර්බුද විසඳගත යුතු බවයි අන්තෝනියෝ ගුටාරේස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share