ඇමරිකා සාකච්ඡා වලදී බලශක්ති, පතල් කැණීම් සහ ගුවන් යානා ගනුදෙනුවලට ප්‍රමුඛත්වය ලබාදෙන බව ඉරානය පවසයි

ඇමරිකා සාකච්ඡා වලදී බලශක්ති, පතල් කැණීම් සහ ගුවන් යානා ගනුදෙනුවලට ප්‍රමුඛත්වය ලබාදෙන බව ඉරානය පවසනවා.
මෙහි දී දෙපාර්ශ්වයටම ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන න්‍යෂ්ටික ගිවිසුමක් කෙරෙහි ඇමරිකාව සමග සාකච්ඡා වලදී අවධානය යොමු කරන බවත් ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ප්‍රකාශ කර තිබුනා.
මේ අතර ඇමරිකාව ඉරාන කලාපයට දෙවන ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද යවා ඇති අතර සාකච්ඡා සාර්ථක නොවන්නේ නම් අඛණ්ඩ යුද මෙහෙයුමක නිරත වීමේ හැකියාව පිළිබඳ සූදානමින් සිටින බව ඇමරිකා නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

Share