ජිමී ලායිගේ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කිරීම සඳහා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව යන රටවල සහ යුරෝපීය සංගමයේ දූත මණ්ඩල ප්‍රධානීන් හොංකොං හි චීන විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.
චීනයේ ස්වෛරීභාවය සහ හොංකොං හි නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත්, ජාතික ආරක්ෂක නඩු පිළිබඳ “වගකීම් විරහිත” ප්‍රකාශ නතර කරන ලෙසත් එහිදී දූත මණ්ඩල ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.
හොංකොං සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නතර කරන ලෙස එම රජයන්ගෙන් ඉල්ලා සිටි බවත් හොංකොං හි චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
මෙම මස මුලදී, නගරයේ ජාතික ආරක්ෂක නීතිය යටතේ හිටපු මාධ්‍ය ප්‍රධානියෙකු වන ජිමී ලායිට වසර 20 ක සිර දඬුවමක් නියම කෙරුණා.





