අමෙරිකාව තුළ ‘TikTok’ තහනම වළක්වා ගැනීම සඳහා එහි හිමිකාරිත්වය දරන චීනයේ ByteDance විසින් සිය අමෙරිකානු කොටස්වලින් 80%කට වැඩි ප්‍රමාණයක් අමෙරිකානු සහ ගෝලීය ආයෝජකයින්ට විකිණීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ නිල නිවේදනය TikTok ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සූ චව් (Shou Zi Chew)විසින් සේවකයින් වෙත නිකුත් කලා.
මේ අනුව ByteDance සමාගම සියයට19.9ක් ද , Oracle සමාගම විසින් සියයට 15ක් ද, Silver Lake සමාගම සියයට 15ක් ද, අබුඩාබි පදනම් කරගත් ආයෝජන ආයතනයක් වන MGX විසින් සියයට 15ක් සහ අනෙකුත් ආයෝජකයින් සඳහා සියයට 30.1 ලෙස නව හවුල්කාරීත්ව බෙදී යනු ඇති.
ඒ අනුව අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත කළමනාකරණය සහ ආරක්ෂාව මෙතැන් සිට Oracle සමාගම විසින් මෙහෙයවනු ලබන පද්ධතියක් හරහා සිදු කෙරෙනවා.
ඊට අමතරව TikTok හි විශේෂිත නිර්දේශිත ඇල්ගොරිතමය (Algorithm) අඛණ්ඩව භාවිත කිරීම සඳහා Oracle සමාගම බලපත්‍ර ලබා ගනු ඇති.
2020 වසරේ අගෝස්තු මාසයේ සිට අමෙරිකාව තුළ TikTok ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව පැවතුණා.
එම මතභේද අවසන් කිරීමට මෙම ගනුදෙනුව ප්‍රධාන කාර්යභාරයක් කරනු ඇති.





