ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී 9:00 සිට නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මෙම හිම කුණාටුව අද පස්වරුව දක්වාම පවතිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ සේවා හැර පාසැල් සහ සෙසු ආයතනවලට නිවාඩු ලබා දී ඇති අතර ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සේවා හැර අනෙකුත් වාහනවලට මහා මාර්ගවල ධාවනය කිරීම තහනම් වනු ඇති.
පොළොව මට්ටමේ සිට අඩි දෙකක් පමණ ඉහළට මෙම හිම පතනය සිදුවනු ඇති අතර, මෙවැනි හිම කුණාටුවක බලපෑමකට නිව්යෝර්ක් නගරය මුහුණ දෙන්නේ වසර ගණනාවකට පසුවයි.





