අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 10%ක නව ගෝලීය තීරු බද්දක් පනවා තිබෙනවා.
ඔහු එම අධිකරණ තීන්දුව “අතිශය නරක” එකක් ලෙස හැඳින්වූ අතර, සිය වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් “මෝඩයන්” ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
6ට 3ක බහුතර තීන්දුවක් මගින් අධිකරණය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි.
මෙම තීරණය එම බදුවලට අභියෝග කළ ව්‍යාපාරිකයන්ට සහ අමෙරිකානු ප්‍රාන්තවලට ලැබුණු විශාල ජයග්‍රහණයක් වූ අතර, එමගින් ඩොලර් බිලියන ගණනක බදු මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා.





