ඇපලෝ යානයේ වාර්තාවක් බිඳිමින් ඔරායන් හඳේ ගුරුත්වයට ඇතුළු වෙයි

වසර 54ට පසු මිනිසුන් සහිත යානාවකින් ගමන් කරමින් ලබාගත් සඳේ සමීප ඡායාරූප ගොන්න ඊයේ නාසා ආයතනය විසින් නිල වශයෙන් නිකුත් කළා.
1972 වසරේ දී ඇපලෝ දහතුන යානාව විසින් පිහිටුවන ලද වාර්තාවක් බිඳ හෙළීමට සැරසෙන ඔරායන් ‍යානාව මේ වන විට සඳේ කක්ෂය ආසන්නයට ගමන් කර තිබෙනවා.

සඳ ගමනේ නිරත ආටෙමිස් II ව්‍යාපෘතියේ ගගනගාමීන් මේ වන විට පෘථිවියේ සිට සැතපුම් 100,000කට වඩා ඈතින් ගමන් කරමින් සිටිනවා.
ඔවුන්ගේ ගමනාන්තය වන සඳ වෙත ලඟා වීමට ඔවුන් තවත් සැතපුම් 150,000ක පමණ දුරක් ගමන් කළ යුතු වෙනවා.
නාසා හි ආටිමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරායන් කැප්සියුලය, මේ වන විට පෘථිවි කක්ෂයෙන් සඳ දෙසට යන මාර්ගය වෙත යොමු වී ඇති අතර මිනිසුන් අභ්‍යවකාශයේ මෙතෙක් ගමන් කර ඇති වැඩිම දුර කරා ළඟා වීම ඔවුන්ගේ අරමුණ වනවා.
1970 දී ඇපලෝ 13 විසින් පිහිටුවන ලද දුර වාර්තාව පරාජය කිරීමට සූදානම් වන ආටිමිස් II මෙහෙයුම ඉරිදා උදෑසන වන විට සඳෙහි ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වීමටයි සැලසුම් කර ඇත්තේ.
නාසා හි ආටෙමිස් වැඩසටහන් ප්‍රධානී ලෝරි ග්ලේස් සඳහන් කලේ, ගගනගාමීන් 4 දෙනා නිරෝගීව සිටින අතර අභ්‍යවකාශ යානයද හොඳින් ක්‍රියා කරන බවයි.
කෙසේ වෙතත්, ආටෙමිස් 2 යානයේ අපද්‍රව්‍ය ඉවත දැමීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවූ අතර ඒ සම්බන්ධයෙන් යානය සහ පාලක මැදිරිය අතර සංවාදයක් ඇතිවුණා.
ඊයේ නිකුත් කළ හඬපටවලට අනුව ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් පාලන මැදිරියෙන් විමසා සිටියේ ඔවුන්ගේ බහිශ්‍රාවීය අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්නයි. එහිදී ඔවුන්ට පාලන මැදිරියෙන් උපදෙස් ලබා දුන්නේ D ලොකරයේ, කහ පැහැති ලේබලය ගසන ලද පළමු බෑගයේ එම අපද්‍රව්‍ය තැන්පත් කරන ලෙසටයි.
මේ අතර, ඊයේ යානයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 65 දක්වා පහත වැටී තිබුනා.
එය ගගනගාමීන්ට අපහසු තත්වයක් මතු කළ අතර, පාලන මැදිරිය විසින් යානයේ හීටර ක්‍රියාත්මක කර පංකාවල වේගය අඩු කිරීමත් සමග යානයේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට පැමිනියා.
මේ අතර, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාසා ආයතනය තහවුරු කළේ, ලබන සඳුදා යානය සඳ පිටුපසින් ගමන් කරන විට පෘථිවිය සමඟ පවතින සන්නිවේදනය මිනිත්තු 40ක පමණ කාලයකට මුළුමනින්ම බිඳවැටෙන බවයි.
එදින ඔවුන් පැය 6ක පමණ දීර්ඝ කාලයක් සඳ නිරීක්ෂණය කරන අතර, සඳෙහි අඳුරු පැත්තෙන් 20%ක පමණ ප්‍රමාණයක් ඔවුන්ට දැකගත හැකි වනු ඇති බවටත් ඔවුන් අනුමාන කළා..
මේ අතර, Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ නිල වශයෙන් මුදාහැර තිබෙනවා.
නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ “ඒ අපි!” යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළ කර තිබෙනවා.
මේ වසර 1972න් පසු සද වෙත ගමන් ගන්නා මිනිසුන් සහිත යානාවක් වෙතින් ලබාගත් සඳේ පළමු සමීප ඡායාරූප ගොන්නයි

Share