ඇන්ඩෲ කුමරු සම්බන්ධ චෝදනා වලදී බ්‍රිතාන්‍ය පොලිසියට උපරිම සහාය ලබා දෙන බව III වන චාල්ස් රජු පවසයි

බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින්ට රහසිගත තොරතුරු ලබා දුන් බවට පළ වන වාර්තා පිළිබඳ සිදුකෙරෙන විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය පොලිසියට උපරිම සහාය ලබා දෙන බව III වන චාල්ස් රජු පවසා ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.
“ප්‍රශ්න ගත චෝදනා සම්බන්ධයෙන් ඇන්ඩෲ කුමරු පියවර ගත යුතු බවත්, යම් හෙයකින් ලන්ඩන් පොලිසිය අප වෙත ළඟා වුවහොත්, ඔබ අපේක්ෂා කරන පරිදි අපි ඔවුන්ට සහාය දීමට සූදානම්ව යනුවෙන් රජු ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඇන්ඩෲ කුමරුගේ හැසිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම මතුවන චෝදනා පිළිබඳව III වන චාල්ස් රජු දැඩි කනස්සල්ලෙන් සිටින බවත් මාලිගා ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

Share