ආසියානු සංවර්ධන බැංකුවේ ආරාධනයක් මත පිලිපීනයේ සංචාරයක් සදහා දිවයිනෙන් පිටව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ,පිලිපීනයේ මැනිලා හි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබුවා.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය මැනිලා හි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.





