ආර්ථික මධ්‍යස්ථාන 5ක පරිපාලනය වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට වෙළඳසැල් හිමියන් විරුද්ධ වෙයි

දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන 5ක පරිපාලනය වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් හිමියන් පවසනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයාට එල්ල වුණේ දැඩි විරෝධයක්.
මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන 05ක් වෙනත් සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දඹුල්ලේ දී පැවැත්වුණා.
දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන නව සමාගම වෙත පැවරීමට සූදානම් වන්නේ ලබන මාර්තු මාසයේ සිටයි.

Share