මෙරටට ආනයනය කරනු ලබන මැණික් සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික මැණික් පාර්සලයක් සඳහා එක් බද්දක් පමණක් අය කිරීමට නියමිතයි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇති බවයි.
හික්කඩුව ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ පැවැත්වුණේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්.





