ආනයනය කරනු ලබන වාහනවල මිල අප්‍රේල් මාසයේ සිට ඉහළ යා හැකියි

ආනයනය කරනු ලබන වාහනවල මිල අප්‍රේල් මාසයේ සිට ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.
ඔවුන් ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ සමාජ ආරක්ෂණ බද්ද අප්‍රේල් මස පළමුවැනිදා සිට 2.5%ක් දක්වා ඉහළ දැමීමට ගෙන ඇති තීරණයයි.

වාහන සඳහා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මීට පෙර අය කෙරුණේ විකුණුම් අවස්ථාවේ දීයි.
එලෙස අය කළ බද්ද සියයට 1.25ක්.
කෙසේ වෙතත් මෙවර අයවැයෙන් යෝජනා කෙරුණේ එම බද්ද ආනයනය කරන අවස්ථාවේ දී රේගුවේ දී අය කිරීමටයි.
එමෙන්ම බදු අනුපාතය 2.5ක් දක්වා ඉහළ නංවනු ලැබුවා.
වැට් සහ සුඛෝපභෝගී බදු නොමැතිව වාහනයේ රේගු තක්සේරු වටිනාකම මත රේගුවේ දී මෙම බද්ද අයකර ගනු ලබනවා.
වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ඉදිරියේ දී වාහන මිල ඉහළ යා හැකි බවයි.

Share