යම් යම් දේවල් කිරීමට උත්සාහයක් ගන්නා බවක් දක්නට ලැබුණ ද ආණ්ඩුව අසමත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති පිරිත් පිංකමකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
මෙහිදී පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ පවතින තත්ත්වය තුළ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.
නව වසර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ වැඩ කටයුතු ආරම්භ කිරිම වෙනුවෙන් සහ ආපදා හේතුවෙන් විපතට පත් වූවන්ට සෙත් පැතීම වෙනුවෙන් සංවිධාන කෙරුණු පිරිත් පිංකමක් ඊයේ රාත්‍රී පැවැත්වුණේ නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී.
මෙම අවස්ථාවට පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.





