ලොව පැරණිතම ක්‍රිකට් තරගාවලිය ලෙස හැඳින්වෙන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන තරගාවලියේ 2025-26 අදියර අද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අවසන් වුණා.
තරග 5 කින් සමන්විත තරගාවලියේ 4-1 ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගත්තේ ඕස්ට්‍රේලියාවයි.
එම ජයග්‍රහණයත් සමග අළු බඳුන කුසලානය තවදුරටත් කැංගරු දේශයේ සුරක්ෂිතව තබා ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වනවා.
ඕස්ට්‍රේලියාව තුළ ක්‍රීඩා කළ අළු බඳුන අවසන් ටෙස්ට් තරග 20 අතරින් තරග 17 ක් ම ජය ගන්න සමත් වෙන්නෙත් ඕස්ට්‍රේලියාව.
කෙසේ වෙතත් අවුරුදු 16 කට ආසන්න කාලයකට පසු ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් ලබන්නට මෙම තරගාවලියේදී එංගලන්තයට හැකි වුණා.
ඒ මෙල්බර්න් හි පැවති බොක්සිං දින ටෙස්ට් තරගය ජගනිමින්.
2015 එංගලන්තයේදී පරාජය වීමෙන් අනතුරුව තවමත් ඕස්ට්‍රේලියාව අළු බඳුන තරගාවලියක් පරාජය වී නොතිබීමත් විශේෂත්වයක්.
අළු බඳුනේ ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියානුවන් 2025-27 ටෙස්ට් ලෝක ශූරතා සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටීමට සමත්ව සිටිනවා.





