කඩා වැටුණු පස් කන්ඩියකට යට වීමෙන්
අහංගම, යටගහකැලේ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ය තිබෙනවා.
මෙලෙස මියගියේ එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි තිදෙනෙක්.
අහංගම පැලැස්ස යටගහකැලේ ප්‍රදේශයේ කබානා ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් තිබූ භුමියක පස් කණ්ඩියක් කඩා වැටී තිබුණේ ඊයේ පස්වරුවෙයි.
එම ස්ථානයේ ඉදිකිරීම් කටයුවල නිරතව සිටි තිදෙනෙක් ඊට යටවුණා.
වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් ඔවුන් මුදා ගැනීම ආරම්භකළා.
පස් කණ්ඩියට යට වී සිටි තිදෙනා ගොඩගෙන වහාම ගොන්නගහේන රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් ඔවුන් රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා
මිය ගිය දෙදෙනෙක් පදියතලාව,දියසෙන්පුර සහ අනෙක් පුද්ගලයා මාතර වේරගම්පිට පදිංචි පුද්ගලයන් බව පොලිසිය පැවසුවා.
මළසිරුරු මේ වනවිට අහංගම ග්‍රාමිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.





