ජේසුස් ක්රිස්ත්රස් වහන්සේගේ අසිරිමත් උපත සිහි කෙරෙන නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා.
උදා වූ නත්තල ලක්වාසී කිතුණු ජනතාව පිළිගත්තේ අති උත්කර්ෂවත් අයුරින්.
මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වූණා. කිතුණු විශ්වාසයට අනුව සකල ලෝකවාසී ජනතාව පාපයෙන් ගලවා ගැනීමට දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා වූ ජේසුස් ක්රිස්ත්රස් වහන්නේ මෙලොවට පැමිණි ඒ දිනය නත්තලයි.
ඊයේ මැදියම් රැයෙන් උදා වූ නත්තල ලක්වාසී ජනතාව මහත් ප්‍රීතියෙන් පිළිගත්තා.
මෙරට ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම මෙරට සියලු දේවස්ථානවලදී මැදියම් රැයේ නත්තල් දිව්‍ය පූජා මෙහෙයන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.





