අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා 2023 වසරෙන් පසු තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇති බව සමාජ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ කළා.
සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී සමාජ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ නිසි පරිදි අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා සුදුසුකම් ලත් කමිටුවක් මගින් සමීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි.

Share