අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලබන 12 වැනිදා ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස විමත් දින්සර පත් කර ඇති අතර කවීජ ගමගේ කණ්ඩායමේ උප නායකයායි.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලෙස දිමන්ත මහවිතාන, විරාන් චමුදිත , දුල්නිත් සිගේරා , චාමික හීනැටිගල , ආධම් හිල්මි , චමරිඳු නෙත්සර, කිත්ම විදානපතිරණ, සෙත්මික සෙනෙවිරත්න , සංජ නින්දුවර , කුගතාස් මාතුලන් , රසිත් නිම්සර , විග්නේෂ්වරන් ආකාෂ් සහ තරුෂ නවෝද්‍ය නම් කර තිබෙනවා.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගකරන අතර ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය B කාණ්ඩයේ සෙසු රටවල් ලෙස තරග කිරීමට නියමිතයි.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නේපාලය සමඟ එළැඹෙන 13 වැනිදා පැවැත්වෙනවා.
දෙවන තරගය දෙසැම්බර් මස 15 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟත් තෙවැනි තරගය ලෙස බංග්ලාදේශය සමඟ දෙසැම්බර් මස 17 වැනිදා තරග වැදීමට නියමිතයි.
තරගාවලිය සඳහා සහභාගීවන කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

Share