අවතැන්ව සිටින ජනතාවට සහන සැලැසිමට විවිධ රාජ්‍ය සහ සිවිල් සංවිධාන පෙරමුණ ගනී

පැවැති ආපදා හේතුවෙන් පීඩාවට පත්ව අවතැන්ව සිටින ජනතාවට සහන සැලැසිමට විවිධ රාජ්‍ය සහ සිවිල් සංවිධාන කැපවී සේවය කරන ආකාරය අපට දකගන්නට පුළුවන්.
මේ මාර්ග කැඩීයාම නිසා ලඟා විමට නොහැකි දුෂ්තකර ප්‍රදේශවල අවතැන්ව සිටින ජනතාවට සහන සැලැසිමට යතුරු පදි කණ්ඩායමක් පෙරමුණ ගෙන ඇති ආකාරයයි.
යතුරුපැදී උපයෝගී කරගෙන ත්‍රාසජනක සංදර්ශන පවත්වන මෙම කණ්ඩායම ස්විච්ඡාවෙන්ම ඉදිරිපත් වී නාවලපිටියථ ගම්පොළ සහ මන්දාරම් නුවර ඇතුලු ප්‍රදේශ රුසක ජනතාවට වියලි ආධාර සහ පානීජ ජලය රුගෙන යාම සිදු කළා.

මේ අතර ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සදහන් කරන්නේ ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන 343න් 156ක්ම අක්‍රිය තත්ත්වයට පත්වූ බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ අතර එය මේ වන විට 90%ක් පමණ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවී තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා වූ මාර්ග 256 අතුරින් මේ වන විට මාර්ග 192කට වැඩි ප්‍රමාණයක් රථ වාහන ගමනාගමනය සඳහා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසුවා.
ඔහු සදහන් කරන්නේ මෙම මාර්ග 192 අතුරින් ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇත්තේ තාවකාලික ක්‍රම උපයෝගී කරගෙන බවයි.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ඉදිරි දින කිහිපය තුළ පැය 24 පුරාම රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට හැකි බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.

මේ අතර රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් එම දුරකථන අංකය හඳුන්වා දී ඇත්තේ විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා, වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීම බවයි.

1904 වෙත ලැබෙන සියලුම ඇමතුම් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් භාරගනු ලබන අතර, එහිදී පැමිණිලි පරීක්ෂා කර, ප්‍රමුඛතාවය ලබා දී, කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශයන්හි ක්‍රියාත්මක කණ්ඩායම් වෙත යොමු කර බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කලා.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරනවා.

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් යළි අවධාරණය කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළා.

‍මේ අතර කොටගල සිට අඹේවෙළ දක්වා නාය ගිය දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරිමට දුම්රිය මාර්ග නඩත්තු අංශයයේ සේවා දුම්රියක් යෙදවිමට පියවර ගෙන තිබෙනවා.
මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සදහන් කරනවා.
එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බවයි එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා කියා සිටියේ.

Share