අමෙරිකාවේ හිම කුණාටුවක් හේතුවෙන් ස්කී ක්‍රීඩකයින් 10 දෙනෙකු අතුරුදහන්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලේක් ටහෝ කලාපයට හදිසියේ කඩා හැලුණු හිම කුණාටුවක් හේතුවෙන් ස්කී ක්‍රීඩකයින් 10 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා
මෙලෙස අතුරුදහන් වූ කණ්ඩායමේ සිටි පුද්ගලයින් හය දෙනෙකු බේරා ගෙන ඇති අතර, ඔවුන් ආරක්ෂිතව රැගෙන ඒ්මට සැලසුම් කරමින් සිටින බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ
හිම කුණාටුවට ගොදුරු වූ 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට මාර්ගෝපදේශකයින් සිව් දෙනෙකු සහ ස්කී ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුලත් වූ අතර, මාර්ගෝපදේශකයින් සහ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් මේ වනවිට ආරක්ෂිතව සිටිනවා.

Share