තලෛයිමන්නාරම් ජැටියේ සංවර්ධනය කිරීමට යෝජිත සංකල්පීය සංවර්ධන සැලසුමට අනුව, ජැටියේ වර්තමාන පසුබිම ගැන සොයා බැලීම සදහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද තලෛයිමන්නාරම් ජැටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
උතුරු ජැටිය අදියර කිහිපයකින් සංවර්ධනය කිරීම මූලික සැලැස්මෙන් යෝජිත අතර පළමු අදියර යටතේ මීටර් 310ක් දිගින් හා මීටර් 7ක් පළලින් උතුරු ජැටිය ඉදිකිරීමට යෝජනා කර ඇති බවයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සදහන් කළේ.





