අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කල විද්‍යුත් තැපැල් පණිවිඩයක් විවිධ පාර්ශව වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩය මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු ලබා ගැනීම යන වංචනික ක්‍රියාවන් සිදු කිරීමේ අරමුණින් යොමු කර ඇති බවට සැක කරන බව නිවේදනයේ සඳහන්.
එහි අන්තර්ගතයට අදාළ පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





