හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා ලබන පෙබරවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ආදායම අභිබවා විශාල වත්කම් සහ දේපල රැස්කර තිබීමේ චෝදනාව යටතේයි.
කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරගෙන යනු ලැබූ විමර්ශනයකට අදාළව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙක් වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට අද කැඳවා තිබුණා.
කොමිෂන් සභාව නිවේදනය කළේ නිශ්චිත කාල සීමාවක් තුළ සැකකරු විසින් ආදායම අභිබවා රැස්කර ඇති වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කළ බවයි.
එම කාල සීමාවට අදාළව ආදායම අභිබවා විශාල වත්කම් සහ දේපල රැස්කර තිබීම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.





