අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්

මේ අතර ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ දරුවන්ගේ ඡායාරූප, වීඩියෝපට, ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසයි.
එසේ සිදු කිරීමෙන් එම දරුවන්ගේ අනන්‍යතාවට සහ පෞද්ගලිකත්වයට හානි වීම සහ එම ඡයාරූප සහ තොරතුරු අවභාවිත කරන ජාවාරම්කරුවන් අතට පත්වීම මෙමගින් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම අනාරක්ෂිත දරුවන් පිළිබඳව හෝ මෙවැනි ජාවාරම් සිදු කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම 1929 දුරකථන අංකයෙන් ළමා උපකාරක සේවය වෙත දැනුම්දෙන ලෙසත් නැතහොත් ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ ළමා ආරක්ෂක නිලධාරී දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනාවා.

Share