අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරගයක් ඊයේ නිත්ත්වෙලදී

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඊයේ පැවති මහනුවර කණ්ඩායම සහ ch and fc කණ්ඩායම අතර තරගයේ දුර්වල විනිසුරු තීරණ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුවී තිබෙනවා.
විශේෂයෙන් තරඟයේ අවසාන විනාඩි කිහිපයේදී විනිසුරුවරයා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් කෝපයට පත් වූ දෙපිලේ නරඹන්නන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

මේ තරගය ඊයේ පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී.
තරගයේ පළමු භාගයේදී දෙපිලම ප්‍රදර්ශනාත්මක තරග රටාවක නිරත වූ අතර තරඟයේ පළමු භාග්ස්‍ය නිමා වූයේ මහනුවර කණ්ඩායම ලකුණු 17ක් සහ සී එච් කණ්ඩායම ලකුණු පහක් වශයෙන.
කෙසේ වෙතත් තරඟයේ දෙවැනි භාගයේ අවසන් තත්පර තිහ තුළදී විනිසුරු ලෙස කටයුතු කළ ගිහාන් යටවර සී එච් කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දුන්නා.
කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ සී එච් කණ්ඩායම එම අවස්ථාවේදී පිටියේ දකුණු අන්තයේ වාර්තා කළා උත්සහක දිනුම ලබා නොදී දඬුවම් උත්සාහක දිනුමක් ලබාදීම හේතුවෙන් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ බවයි.
ඒ අනුව දෙපිලම ලකුණු 34 බැගින් ලබා ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා. කෙසේ වෙතත් මේ තරගයෙන් අනතුරුව දෙපිලේ ප්‍රේක්ෂකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
මේ සම්බන්ධයෙන් අප මහනුවර ක්‍රීඩා සමාජයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් කියා සිටියේ දුර්වල තරඟ විනිශ්චය සම්බන්ධයෙන් රග්බි සංගමයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.

Share