ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලියේ කුසලාන අවසාන මහා තරඟය කොළඹ 07 ලොන්ඩන් පෙදෙස CR & F C ක්‍රීඩා පිටියේදී ඊයේ පැවැත්වුණා.
අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබා සිටියේ මහනුවර ක්‍රීඩා සමාජය හා CR & FC ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.
තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර ක්‍රීඩා සමාජය 14 – 7ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු වුණා.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දී ආක්‍රමණශීලී ලෙස තරගයට අවතීරණ වූ CR & FC ක්‍රීඩකයින්ගෙන් මහනුවරට එල්ල වුණේ ප්‍රබල අභියෝගයක්.
අවසන් මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් ඔවුන් ලකුණු 23 ට 21 ලෙස තරගය ජය ගනිමින් මෙවර ලීග් ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.
ජයග්‍රාහී CR & F C ක්‍රීඩා සමාජ කණ්ඩායම උත්සාහක දිනුම් 03 ක් වාර්තා කළ අතර ප්‍රවර්තනය 02 ක් සාර්ථක කරගත්තා.
මහනුවර ක්‍රීඩා සමාජය උත්සාහක දිනුම් 03 ක් ලබා ගත් අතර ප්‍රවර්තන 03ම සාර්ථක කරගැනීමට සමත් වුණා.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා CR & F C ක්‍රීඩා සමාජයේ තෙනුක නානායක්කාරයි.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.





