අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී මහත්මා ගාන්ධි චින්තනයේ වැදගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දෙනවා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී මහත්මා ගාන්ධි චින්තනයේ වැදගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දෙනවා

කිසියම් වෙනසක් අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නම් එම වෙනස පළමුව තමා තුළින් ඇති කර ගතයුතු බවට මහත්මා ගාන්ධිතුමන් කළ ප්‍රකාශය උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි උසස් පෙළ පාසල් සිසුන් 300 දෙනෙකු සඳහා මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, සෑම දිස්ත්‍රික්කයකින්ම ඉහළම ලකුනු සිසුන් හය දෙනා ඉලක්ක කර ගනිමින්, කුසලතා සහ මාධ්‍ය පදනම මත මාසිකව රුපියල් 2,500 ක මුදලක් ලබා දෙනවා.

2021 සිට 2024 දක්වා කාලය ආවරණය වන පරිදි කණ්ඩායම් දෙකකට එකවර ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙම වසරේ විශේෂත්වයක්.

Share