අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදී නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් 01 සහ 6 ශ්‍රේණිය සඳහා පමණක් අවදානය යොමු කිරීම නිසා අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යන කටයුතුවලට අහිතකර බලපෑම් එල්ල වී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම්‍ නොමැතිවීම හේතුවෙන් ඇතැම් පාසල්වලට ඩිජිටල් පුවරු ලබාගැනීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවයි.

Share