අධ්‍යාපනය උදෙසා AI පිළිබඳ විමර්ශන සිදු කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබද අවධානයට

2016 වසරේදී දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරන නිල ආයතනය වන ස්ලැන්සි ( SLANSHEI) විසින් සංවිධානය කරන ලද තෙවැනි ජාතික උසස් අධ්‍යාපන සමුළුව පසුගියදා කොළඹදී පැවැත්වුණා

අධ්‍යාපනයේ අනාගතය උදෙසා කෘතිම බුද්ධිය පිළිබඳ විමර්ශන සිදු කිරීම, A I මගින් පරිවර්තනීය ඉගැන්වීම් සාර්ථකත්ව ඒකාබද්ධ කිරීමට අවශ්‍ය අවබෝධය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම සමුළුවේදී සාකච්ඡාවට ලක් කොට තිබෙනවා

ප්‍රතිපත්ති සම්පාදකයින්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා

Share