ග්‍රාම නිලධාරීවරුන්, තාක්ෂණික නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් අද සිට සියලු ආපදා සහන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිවලට වන්දි ගෙවීම සදහා නිසි තක්සේරු ක්‍රමවේදයක් නොමැති වීම සහ සහන කටයුතුවල නිරත නිලධාරීන් හට ලැබිය යුතු පහසුකම් මෙන්ම දීමනා නොගෙවීම යන කරුණු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසන්නේ.
මේ අතර දිට්වා ආපදාව සිදු වී මාස තුනක කාලයක් ගත වුවද තවමත් තමන්ට කූඩාරම්වල ජීවත් වීමට සිදුව ඇති බවට මහනුවර හන්තාන හතරේ කනුව ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.
ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදු කළ දිට්වා සුළි කුණාටුවට අදට මාස තුනක් සම්පූර්ණ වෙනවා.
එහෙත් තවමත් හරිහමන් නිවසක් නොමැතිව කූඩාරම්වල දිවි ගෙවන පිරිසක් පිලිබඳ හන්තාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දිට්වා සමග ඇති වූ ආපදා හමුවේ මේ ගම්වාසීන් ජීවත් වූ නිවාස ඉරි තැලී පුපුරා ගොස් තිබෙනවා.
පවතින දැඩි අවධානම හේතුවෙන් ඔවුන්ට සිදු වී ඇත්තේ කූඩාරමක ජීවත් වීමටයි.
පවුල් 80 කට අයත් 600 කට ආසන්න පිරිසක් මෙහි සිටිනවා.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිවලට වන්දි ගෙවීම සදහා නිසි තක්සේරු ක්‍රමවේදයක් නොමැති වීමට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් ඇතුලු වෘත්තීය සමිති තුනක් අද සිට සියලු ආපදා සහන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර තවත් ග්‍රාම නිලධාරී සංගමයක් අද පස්වරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයා සමඟ සාකච්ඡාවක නිරත වුණා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයා සමග පැවති මෙම සාකච්ඡාව සාර්තක වූ බව ඔවුන් පැවසුවා.





